
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍යයේ වසර 14ක කොන්සර්වේටිව් පාලනය අවසන් කරමින් මාධ්‍ය වාමාංශික කම්කරු පක්ෂයේ ශ්‍රීමත් කේයර් ස්ටාර්මර් එරට මීළඟ අගමැතිවරයා වීමට නියමිතය.
ඔහු මේ වන විටත් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රතිඵලවලින් කැපී පෙනෙන බහුතර ජයග්‍රහණයක් දිනාගෙන සිටී.
ඊයේ පැවත්වූ ඡන්දයේ බොහෝ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී, මාධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය දැනටමත් පාර්ලිමේන්තුවේ ආසන 650න් 410ක් දිනා ගෙන ඇත.
ජීවන වියදම් අර්බුදය, අසාර්ථක වූ පොදු සේවාවන් පිළිබඳ පැවතිඅපකීර්තිය සමග කොන්සර්වේටිව් පක්ෂයේ රිෂි සුනක්ට නින්දාසහගත පරාජයක් අත්වී තිබේ.
මේ වන විට කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ ආසන 114ක් පමණි.
ලන්ඩනයේ ඔහුගේ ආසනය දිනා ගැනීමෙන් පසු ශ්‍රීමත් ස්ටාර්මර් පැවසුවේ “වෙනසක ආරම්භය පටන්ගන්නේ මෙතැනින්… ඔබ ඒ වෙනුවෙන් ඡන්දය දී ඇත. දැන් ඔබේ බලාපොරොත්තු ඉඇප විසින් ඉටු කිරීමට කාලයයි” යනුවෙනි.
සුනක් පරාජය පිළිගත් අතර ජයග්‍රහණයට සුබ පැතීමට තමා ස්ටාර්මර් ඇමතූ බව පැවසීය.
“සෑම පැත්තකින්ම යහපත් සිතුවිලි සමග අද බලය සාමකාමීව හා ක්‍රමානුකූලව ඔවුන් අතට මාරු වනු ඇත” යනුවෙන් ඔහු සිය ආසනය නැවත දිනා ගැනීමෙන් පසු පැවසීය.
“ඉගෙන ගැනීමට සහ ආවර්ජනය කිරීමට බොහෝ දේ තිබෙනවා, බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන කොන්සර්වේටිව් අපේක්ෂකයන්ට සිදු වූ පාඩුවේ වගකීම මම භාර ගන්නවා … මට කණගාටුයි.”යනුවෙන් ද සුනක් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart