July 4, 2024

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 ඔලිම්පික් උළෙල සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිවේදනය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හරහා පැරිස් ඔලිම්පික් උළෙලේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකිය.

ටිකට් ලබා ගැනීමේ විස්තර https://shorturl.at/P1Nz1 වෙත පිවිසීමෙන් ලබාගත් හැකි වේ.

එසේම +94-11-268-4420 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට ඊමේල් කිරීමෙන් ද තොරතුරු ලබාගත් හැකිය.

2024 ඔලිම්පික් උළෙල සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

ධාවන ශූරී තරුෂි කරුණාරත්න සහ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ ජවන හා පිටිය ඉසව් සඳහා සුදුසුකම් ලබා සිටින අතර
විරේන් නෙත්තසිංහ බැඩ්මින්ටන් පිරිමි කේවල තරගයට සහභාගි වීමට සුදුසුකම් ලබා සිටී.

පිහිනුම් ඉසව් සඳහා කයිල් අබේසිංහ සහ ගංගා සෙනෙවිරත්න සුදුසුකම් ලබා තිබේ.

අරුණ දර්ශන, යුපුන් අබේකෝන් සහ රුමේෂ් තරංග යන ක්‍රීඩකයෝ සෙසු ක්‍රීඩකයන් ඉවත්වීම් මත සහ පෞද්ගලික ජයග්‍රහණ මත පදනම්ව සුදුසුකම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවෙති.