
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බූස්ස බන්ධනාගාරයේ අධිආරක්ෂිත කලාපයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කැස්බෑව, හල්පිට ‘රැවුල් කුමාර’ට ඉකුත් මාස තුනක පමණ කාලයක් තුළ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ජංගම දුරකතන 36ක් ඇතුළු උපාංග රැසක් ලබා දී ඇති බවට විමරිශනයක දී අනාවරණය වී ඇතැයි බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
ඒ අතර ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 16 ක්, සාමාන්‍ය දුරකතන 20 ක්, චාජර්, සිම්පත්, ජංගම දුරකතන මතුපිට ආවරණ ඇතුළු උපාංග රැසක් වන බව පොලිසිය කියයි.
එලෙස ලබා දී තිබූ ජංගම දුරකතන 19ක එමි අංක ද සිදුකළ මූලික විමර්ශනවලදී මේ වන විට සොයාගෙන ඇති බව විමර්ශන නිලධාරියෙක් කීය.
ඒ බව අනාවරණය වී ඇත්තේ බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත යුක්තිය මෙහෙයුමේ විශේෂ රාජකාරී සඳහා පත්කර තිබෙන පොලිස් පරීක්ෂක මුදිත ප්‍රසාද් දල්පදාදු ඇතුළු කණ්ඩායමක් ඉකුත් 29 වෙනිදින රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක්
සමග මොරටුව මෙන්ඩිස් පාරේ කොණ්ඩා කපන ස්ථානයකදී අත්අඩංගුවට ගත් පානදුර, පරත්ත, රිවිදෙව්ගම පදිංචි 31 හැවිරිදි වියේ පසුවන කරණවෑමියකු ළඟ තිබූ රුපියල් ලක්ෂ ගණන් හුවමාරු වූ බැංකු පොත් 3 ක් හා වීසා කාඩ්පත් 5 ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ය.
පොලිස් භාරයට ගත් බැංකු පොත්වල රුපියල් ලක්ෂ ගණනින් මුදල් සංසරණයවීම සම්බන්ධයෙන් සහ ජංගම දුරකථන සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart