
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් සහිත රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල්1194ක් නඩු භාණ්ඩ කාමරයෙන් පිටතට ගෙනයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලෙස සේවය කළ ගැමුණු සම්පත් නමැත්තා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අධිකරණ නියෝගය අනුව ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය, එම සැකකරු අත්අඩංගුවට ගෙන සාපරාදී විශ්වාසය කඩකිරීම, සාවද්‍ය පරිහරණය සහ සොර බඩු බැහැර කිරීම යන චෝදනා සහ පොදු දේපළ පනත යටතේ නඩු පැවැරීය.
එම සැකකරු එකී මත්පැන් බෝතල් ගෙන ගොස් කුමක් කළේද, කාට ලබාදුන්නේද සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තමා වෙත වාර්තා කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart