
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මියගොස් ඇත්තේ, වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක බව පොලිස් වාර්තා අනාවරණය කරයි.
මෙම සිසුන් ගොඩනැගිල්ලේ 67 වන මහලෙන් ඇදවැටී ඇති බවට විශ්වාස කෙරෙන අතර, ඔවුන්ගේ සිරුරු 3 වන මහලේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.
මියගිය සිසුවිය සහ සිසුවා කොළඹ අන්තර්ජාතික පාසලක එකම පන්තියක ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකු බවට ද අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ජනමාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම සිසුන් සියදිවි නසාගැනීමේ උත්සාහයක් ලෙස ගොඩනැගිල්ලෙන් බිමට පැනීමට ඇති ඉඩකඩ ඇතුළු සිද්ධියට සම්බන්ධ තත්ත්වයන් පිළිබඳව මේ වන විට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart