
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු අමනාපයක් නොමැති නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂය වෙනස් දේශපාලන ස්ථාවර දෙකක සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා ජූලි 01 සඳුදා රාත්‍රියේ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ජනමාධ්‍යවේදීන් අමතමින් කියාසිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තෝරාගන්නා අපේක්ෂකයා පක්ෂය සමඟ කටයුතු කළ හැකි අයකු විය යුතු බවයි.
“අපි ප්රජාතන්ත්රවාදීයි. අපි හැමෝම එක්ක සාකච්ඡා කරලා දෙයක් කරමු.”
සිව්දින චීන සංචාරයක් අවසන් කර හිටපු ජනාධිපතිවරයා ආපසු පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළකළේය.
චීනයේදී ඔහු සාමකාමී සහජීවනයේ මූලධර්ම පහේ 70 වැනි සංවත්සරයට සහභාගී වූ අතර එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ඔහුව පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අමනාපයක් තිබේදැයි ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මෙසේ පැවසීය.
“අමනාපයකට හේතුවක් නැහැ. දේශපාලනික වශයෙන් අපි වෙනස් මත දෙකක ඉන්නවා. ”
පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් දිගින් දිගටම ප්රතිසංස්කරන සඳහා සහයෝගය ප්‍රකාශ කරන අතරවාරයේ, තම පක්ෂයේ බහුතරයක් “ජාතික වත්කම් විකිණීමට” විරුද්ධ බව පවසමින්, රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට වික්‍රමසිංහ පරිපාලනයේ පියවරයන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ මෑතකදී හඬ නැගුවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ඔහුගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස ජූනි 30 ඉරිදා මාතර පැවති දේශපාලන රැලියකදී විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, විදේශ ඇමැති අලි සබ්රි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රමුඛ පෙළේ සාමාජිකයන් ගණනාවක් දක්නට ලැබිණි.
සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 18 අතර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ගැන අදහස් විමසූ විට මහින්ද රාජපක්ෂ පැවසුවේ “අපි අපේක්ෂකයෙක් දාලා බලමු. ටිකක් ඉන්න. පක්ෂය තවම තීරණයක් ගෙන නැහැ. අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙකුට තමයි ඒක දෙන්න පුළුවන්. එය ජනතාවගෙන් පැමිණිය යුතුයි. නායකයන් බිහිවන්නේ ජනතාවගෙන්,” යනුවෙනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් අපේක්ෂකයකු තෝරාගෙන ඇති බවට පළවන වාර්තා ඔහු ප්‍රතික්ෂේප කළේය.
“නෑ තවම නෑ. අපි බලමු.”ඔහු ජනමාධ්‍යවේදීන්ට පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart