July 2, 2024

වත්මන් ජනාධිපතිවරයා යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සහාය නොදීමට සමගි ජන බලවේගය ඒකමතිකව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (02) පැවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

එවැනි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සහාය නොදිය යුතු බවට වන යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසිනි.

එම යෝජනාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව අනුමත කර ඇත.