
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරගයෙන් පසුගිය වර ශුරයන් වූ වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 06ක ජයක් ලැබුවේ මොහොමඩ් නබිගේ නායකත්වයෙන් යුත් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරාජය පත්කරමිනි.
මහනුවර පල්ලේකැලේ පිටියේ ඊයේ රාත්‍රියේ පැවැති තරගයේදී කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක පන්දු 15කදී නොදැවි ලකුණු 46ක් සහ දිනේෂ් චන්දිමාල් ආරම්භක පිතිකරු ලෙස ලකුණු 65ක් රැස් කළහ.
දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ට ලකුණු 179ක් රැස්කරන ලදී.
එහිදී 5 වැනි පන්දුවාරයේදී කඩුලු 04ට ලකුණු 25ක් තිබියදී පිටියේ එක්වු චමිදු වික්‍රමසිංහ සහ මාර්ක් චැම්ප්මන් 5වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 154ක පිතිකරණ සබදතාවක් පැවත්වූහ.
චැම්ප්මන් නොදැවී ලකුණු 91ක් සහ චමිදු වික්‍රමසිංහ නොදැවි ලකුණු 62ක් රැස්කළහ.
දසුන් ශානක කඩුලු 03ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02 ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 183ක් ලබාගනිමින් තරගය ජයගන්නා ලදී.
වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානකට තරගයේ වීරයා සම්මානය හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart