
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ සරණාගත ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවීමට උදව් කරන ලෙස හිටපු ඇෆ්ගනිස්ථාන කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.
2010 දී පිහිටුවන ලද ඇෆ්ගනිස්ථානයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2021 දී තලෙයිබාන් කණ්ඩායම නැවත බලයට පත් වූ විට විසුරුවා හරින ලද අතර, කාන්තාවන්ට විශ්ව විද්‍යාල, උද්‍යාන, ක්‍රීඩා තහනම් කිරීම සහ ක්‍රීඩිකාවන්ගේ නිවෙස් වැටළීම සිදුවිය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට එහි ‘සම්පූර්ණ සාමාජිකයන්’ අවශ්‍ය වන අතර, එයින් එකක් ලෙස ඇෆ්ගනිස්ථාන ජාතික කාන්තා කණ්ඩායම තවමත් පිළිගැනීමක් සහිතව පවතී.
මේ අතර ඇෆ්ඝන් පිරිමි කණ්ඩායම සිය ටෙස්ට් තත්ත්වය රඳවා ගෙන පසුගිය සතියේ T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පැමිණීමට සමත් විය.
ICC සභාපති ග්‍රෙග් බාර්ක්ලේ වෙත ලිපියක් යවමින් ඇෆ්ගනිස්තාන කාන්තාවන් ඉල්ලා ඇත්තේ, “ඇෆ්ගන් සරණාගත කණ්ඩායමක් නිර්මාණය කිරීමෙන් දේශසීමා රහිත ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රීඩා කිරීමට, පුහුණු කිරීමට සහ පරිපාලනය කිරීමට අපට අවස්ථාවක් ලබාදෙන්න. “මෙම කණ්ඩායම නිර්මාණය කිරීමෙන් තම රට නියෝජනය කිරීමට කැමති සියලුම ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට එකම ධජයක් යටතේ එක්වීමට ඉඩ සැලසේ.” යනුවෙනි.
ඇෆ්ගනිස්ථාන කාන්තා කණ්ඩායම නිර්මාණය කරන ලද්දේ තලේබාන් පාලනය එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා සන්ධානයක් අතට පත්වීමෙන් වසර නවයකට පසුවය.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (ACB) මුලින් කාන්තා කණ්ඩායමට අන්තර්ජාතික තරඟාවලි කිහිපයකට ක්‍රීඩා කිරීම තහනම් කළේ “තලෙයිබාන් තර්ජන” ලැබුණු බව පවසමිනි.
තලේබාන් කණ්ඩායම පාලනයට පැමිණීමත් සමග ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ 20කට වැඩි පිරිසක් රට හැරයෑමට සමත් වූ අතර ඔවුන් දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart