
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිකුරාදා සවස නිව්යෝර්ක් ප්‍රාන්තයේ 13 හැවිරිදි පිරිමි ළමයකු පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝ පටයක දැක්වෙන්නේ පොලිසිය විසින් පුද්ගලයෙකු ලුහුබැඳ ගොස් නිලධාරියෙකු විසින් ඔහුව බිමට දමනු ලබන අතර, තවත් නිලධාරීන් දෙදෙනකු ඊට උදව් කරන ආකාරයයි.
වෙඩි හඬක් ඇසෙන අතර, පොලිස් නිලධාරීන් උඩ පැන අඩි කිහිපයක් පිටුපසට වන අතරතුර, සිරුර බිම වැටී ඇත.
“අහෝ මගේ දෙවියනේ. ඔව්, ඔහු ඔහුට වෙඩි තැබුවා,” වීඩියෝව රූගත කරන කාන්තාව කෑගසයි.
පොලීසිය පවසන්නේ, නිලධාරීන් ලුහුබැඳ යෑමෙන් පසු, ඔහු ඝාතනය කරන විට අදාළ පිරිමි ළමයා සෙල්ලම් තුවක්කුවක් අතැතිව සිට ඇති බව ය.
පොලිස් නිලධාරීන් පවසන්නේ, උටිකා හි පොලිස් නිලධාරීන් රාත්‍රී 10:18 ට පමණ අදාළ ළමයා සහ තවත් අයකු නැවැත්වූ බවයි.
උටිකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව, ඔහුගේ අනන්‍යතාවය පැහැදිලි කර නොමැති අතර, ආසියානු සම්භවයක් ඇති 13 හැවිරිදි ළමයා පළායන අවස්ථාවවේදී ඔහුගේ අතේ තුවක්කුවක් ලෙස පෙනෙන දෙයක් නිලධාරීන් දෙසට දිගුකර ඇත.
එහිදී ඇතිවූ අරගලයකින් අනතුරුව එක් නිලධාරියෙක් ළමයාට වෙඩිතබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart