
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ කේ.ඒ.පී රණසිංහ වැඩ බලන නීතිපතිවරයා ලෙස පත්කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඊ (ආ) ව්‍යවස්ථාවේ 41 සී ව්‍යවස්ථාව සමඟ කියවන පරිදි මෙම තාවකාලික පත්කිරීම ජුනි 28 වැනිදා සිට ජූලි 11 දක්වා ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු පත්කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රණසිංහ වැඩ බලන නීතිපතිවරයා ලෙස පත්කර ඇත්තේ ඔහුගේ වත්මන් වගකීම්වලට අමතරව බව ද දැනගන්නට තිබේ.
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස හයකට දීර්ඝ කිරීමට ජනාධිපති වික්‍රමසිංහ කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව හිටපු නීතිපති රාජරත්නම් පසුගිය බදාදා (26) විශ්‍රාම ගියේය.
ඔහුගේ සේවය දීර්ඝ කිරීමේ පළමු යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ඡන්ද පහකින් පරාජයට පත් වූ අතර ඊට පක්ෂව ඡන්දය දී තිබුණේ මන්ත්‍රීවරු තිදෙනෙක් පමණි.
අදාළ යෝජනාවට එරෙහිව දේශපාලන ක්ෂේත්‍රයෙන්, නීති ක්ෂේත්‍රයෙන් සහ සිවිල් සමාජයෙන් එල්ල වූ විවේචන හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙවැනි වරටත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart