
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර විස්ස ලෝක කුසලාන සිහිනය යළි යථාර්ථයක් බවට පත්කර ගැනීමට රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (29)සමත්වූයේ අවසන් මහා තරගයේදි දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 07කින් පරදවමිනි.
මෙම තරගයේ අවසන් පන්දුවාරයේ දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට ලකුණු 16ක් අවශ්‍යවු නමුත් පළමු පන්දුවේදි ඩෙවිඩ් මිලර් විසින් එල්ල කළ හයේ පහර විශිෂ්ට පන්දු රැකීමකින් උඩ පන්දුවක් කරගත් සූර්යකුමාර් යාදව්ට දකුණු අප්‍රිකානු ළකුණු මැෂිම ක්‍රීඩාගාරයට හරවා යැවිමට හැකිවීම අවසන් තරගය ජයගැනීමට වඩාත් උපකාරි විය.
එමෙන්ම, රෝහිත් ෂර්මා අවසානයේ ලෝක ටෙස්ට් ශුරතාව, එක්දින ලෝක කුසලානය, 2022 පන්දුවාර විස්ස ලෝක කුසලාන අනුශුරතාව ලබාගැනීමෙන් සැහීමකට පත්ව සිටියද වෙනත් නායකයෙකු යටතේ නොව,ඔහුටම මෙවර තරගාවලියේ නායකත්වයේ වගකීම භාර දුන් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයයේ තීරණයට සාධාරණයක් ඉටුකළේ සිය වගකීමේ වටිනාකම පෙන්නුම් කරමිනි.
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර විස්ස තුළ කඩුලු 07ට ලකුණු 176ක් රැස්කළ අතර, එහිදී,මෙවර තරගාවලියේ පෙර තරගවලදි සාර්ථක නොවූ විරාට් කෝලි අවශ්‍ය මොහොතේ ලකුණු 76ක් ලබාගත්තේ කණ්ඩායමට ශක්තියක් වෙමින්ය.
ඔහු අවසන් මහා තරගයේ වීරයා බවට පත්වූ අතර,අනතුරුව මෙය තමන්ගේ අවසන් පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය බව කියාසිටියේය.
සිය කුලුදුල් ලෝක කුසලාන සොයා අවසන් තරගය පිවිසි දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නමුත් පන්දුවාර විස්ස තුළ ඔවුන්ට කඩුලු 08ට ලබාගත හැකිවුයේ ලකුණු 169ක් පමණි.
එහිදී හෙන්රික් ක්ලාසින් ලකුණු 52ක් සහ ක්වෙන්ටන් ඩි කොක් ලකුණු 39ක් රැස්කළහ.
කෙෂ්වර් මහරාජ් සහ අන්රික් නොකියි කඩුලු 02 බැගින් බිදහෙළන ලදී.
2024 පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ වීරයා ඉන්දියා කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රා ලෙස නම්කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart