
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පෞද්ගලික හේතූන් මත එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
අන්තර්ජාතික පුහුණුකරුවකු වීම යනු ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීම බවත් සිය පවුලේ අය සමඟ මෙන්ම තමන් සමගම කළ දිගු සංවාදයකින් පසු මෙම තීරණය ගත් බවත් සිල්වර්වුඩ් ප්‍රකාශ කර තිබේ.
නැවත නිවස වෙත ගොස් පවුලේ අය සමග හොඳ කාලයක් ගත කිරීමට කාලය පැමිණ ඇති බව ඔහුගේ අදහස වී තිබේ.
“මම ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ ලබාදුන් සහයෝගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, පසුපෙළ කාර්ය මණ්ඩලය සහ කළමනාකාරීත්වයට ස්තූති කිරීමට කැමැත්තෙමි. ඔබේ සහය නොවන්නට මේ කිසිවක් සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇත,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයකු වීමට ලැබීම තමන්ට සැබෑ ගෞරවයක් වන අතර තමන් පිටව යන්නේ බොහෝ සොඳුරු මතකයන් රැගෙන බවයි.
ඔහුගේ පුහුණු කාලය යටතේ, ජාතික කණ්ඩායම 2022 දී T20 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අතර, 2023 දී ඕවර 50 ආසියානු කුසලානයේ අවසන් වටයට ද පිවිසියේය.
මීට අමතරව, කණ්ඩායම දේශීය හා විදේශීය වශයෙන් ද්විපාර්ශ්වික තරගාවලි ජයග්‍රහණ කිහිපයක් ලබා තිබේ.
ඕවර 50 ආකෘතියෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ස්වදේශීය තරගාවලි ජයග්‍රහණයක් සහ බංග්ලාදේශයට එරෙහිව විදෙස් ටෙස්ට් තරගාවලි දෙකක් ජයග්‍රහණ කිරීමද ඒ අතර වේ.
ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ඉදිරි වැඩකටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුබ පතා ඇති අතර ඔහුගේ කාලය තුළ ඔහු කළ වටිනා දායකත්වයට ස්තූතියද පළ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart