
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ICC පිරිමි T20 ලෝක කුසලාන 2024 බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු කාණ්ඩයේ තරඟයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩකිරීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් ඛාන්ට නිල තරවටුවක් ලබා දී ඇත.
ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායකයන් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.9 වගන්තිය රෂීඩ් විසින් උල්ලංඝණය කර ඇති බව ICCය ප්‍රකාශ කරයි.
එමගින් අන්තර්ජාතික තරගයක් අතෙරතුර ක්‍රීඩකයකු වෙත නුසුදුසු සහ/හෝ අනතුරුදායක ආකාරයෙන් පන්දුවක් (හෝ වෙනත් ක්‍රිකට් උපකරණ අයිතමයක්) විසිකිරීමට අදාළ වේ.
ඇෆ්ගනිස්ථාන ඉනිමේ අවසන් ඕවරයේදී රෂීඩ් එල්ල කළ පහරකින් අනතුරුව ඔහුගේ අනෙක්පස පිතිකරු කරීම් ජනත් දෙවැනි ලකුණක් ලබාගැනීමට නොපැමිණීම නිසා රෂීඩ් කෝපයෙන් පිත්ත බිම දමාගැසීමෙන් මෙම වරද සිදුකර ඇත.
මෙහිදී රෂීඩ් වරද පිළිගෙන ICC තරඟ තීරකයන්ගේ තරවටුව පිළිගෙන ඇති අතර, එබැවින් විධිමත් විභාගයක් අවශ්‍ය නොවූ බව ICCය ප්‍රකාශ කරයි.
මෙහිදී 1 වන මට්ටම චර්යාධර්ම කඩකිරීම් සඳහා නිල තරවටු කිරීමක අවම දඬුවමක්, ක්‍රීඩකයකුගේ තරඟ ගාස්තුවෙන් සියයට 50ක උපරිම දඩයක් සහ අවාසි ලකුණු එකක් හෝ දෙකක් පනවනු ලබයි.
ලෝක කුසලාන තරගාවලියේ අවසානයට පැවැති බංග්ලාදේශ තරගය ජයගත් ඇෆ්ගනිස්ථානය අවසන් කණ්ඩායම් 8 අතරට තේරී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart