
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ පැවති T20 ලෝක කුසලානය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රාත්‍රී සමාජශාලාවලදී සාද පැවැත්වූ බවට කරන ප්‍රකාශ සනාථ වුවහොත් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දීය.
හිටපු ඇමැතිවරයකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කරන ලද චෝදනා පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
“ක්‍රිකට් ක්‍රීඩකයන් රාත්‍රී සාද පැවැත්වූ බවට හිටපු ඇමැතිවරයෙක් පසුගියදා ප්‍රකාශ කළා. ක්‍රිකට් ක්‍රීඩකයන් රාත්‍රී සමාජශාලාවල හෝ ඕනෑම තැනක සාද පවත්වන ආකාරය පිළිබඳ යම් කිසි දර්ශන මට ඔප්පු කර පෙන්වන්න පුළුවන් නම් මම ඉල්ලා අස්වීමට සූදානම්,” යැයි ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart