
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පළමුවරට ඔස්ට්‍රේලියාව පරාජයට පත්කළ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව සුපිරි අට වටයේදී ඕස්ට්‍රේලියාව ලකුණු 21කින් පරාජයට පත්කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්ව තිබේ.
මෙම තරගයේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් මෙවර තරගාවලියේ දෙවැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් වූයේ, දින තුනකට පෙර බංග්ලාදේශයට එරෙහිව ඇන්ටිගුවාහිදි ලබාගත් කඩුලු ත්‍රිත්වයේ උණුසුම මැකී යන්නටත් පෙරාතුව වීම විශේෂයක් ලෙස හැඳින්විය හැකිය.
පැට් කමින්ස්ගේට අමතරව ලසිත් මාලිංග, ටිම් සවුති, සර්බියාවේ මාර්ක් පැව්ලොවික්, මෝල්ටාවේ වසීම් අබ්බාස් මීට පෙර කඩුලු ත්‍රිත්ව දෙකක් පන්දුවාර විස්ස පිටියේ වාර්තා කර තිබේ.
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය කඩුලු 06ට ලකුණු 148ක් රැස්කළහ.
එහිදී රහමනුල්ලාහ් ගුරුබාස් ලකුණු 60 යි.
කෙසේවෙතත්, පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියාවට ඇෆ්ගනිස්ථාන ප්‍රබල පන්දු යැවීම හමුවේ පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 127ක් පමණි.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගුල්බදීන් නයිබ් කඩුලු 04ක් සහ නවීන් උල් හක් කඩුලු 03 බැගින් බිඳහෙළූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart