
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක සහ දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 8 දෙනකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තුන්වැනි තරගාවලියට තෝරාගෙන ඇත.
ILT20 තරගාවලියට එක්වන කණ්ඩායම් 6 විසින් මෙවර රඳවාගෙන ඇති ක්‍රීඩකයන් 69 දෙනා අතරට මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඇතුළත් වේ.
ILT20 තුන්වැනි වාරය 2025 ජනවාරි 11 සිට පෙබරවාරි 9 දක්වා අබුඩාබි, ඩුබායි සහ සාජා හි පැවැත්වීමට නියමිතය.
ඒ අනුව චරිත් අසලංක අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්ද, වනිඳු හසරංග ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම විසින්ද, දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර ඩුබායි කැපිටල්ස් කණ්ඩායම විසින්ද, කුසල් ජනිත් හා විජයකාන්ත් විජයකාන්ත් MI එමිරේට්ස් කණ්ඩායම විසින්ද ඩිල්ෂාන් මදුශංක හා කුසල් මෙන්ඩිස් සාජා වොරියර්ස් කණ්ඩායම විසින්ද රඳවාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart