
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සමත් වූහ.
ඒ අදින් අවසන් වූ කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 161කින් ජය ගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත් වීමත් සමගය.
හම්බන්තොට දී පැවැති තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර තුළ කඩුලු 06ක් දැවී ලකුණු 275ක් ලබාගත්හ.
එම ඉනිම වෙනුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 91ක් රැස්කිරීමට සමත් වු අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් ලබාගත්හ.
තරගයේ ජයග්රහණය සදහා ලකුණු 276ක ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි කොදෙව් ක්රීඩිකාවන්ට පන්දුවාර 34යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 115ක් පමණකි.
විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ සචිනි නිසංසලා ලකුණු 28කට කඩුලු 05ක් බිඳහෙළීමට සමත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart