
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළෙන් අද පැමිණ තිබුණේ සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ නොව මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු ‘සිල්ක් රූට්’ පර්යන්තය ඔස්සේය.
වෙනත් දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණේ.
ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු ‘සිල්ක් රූට්’ පර්යන්තය ඔස්සේ ඔවුන් අද ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබිණි.
‘සිල්ක් රූට්’ පර්යන්තයේ පහසුකම් සදහා එක් අයකුට ඇමෙරිකානු ඩොලර් 50ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.
පිටතට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසුවේ ක්‍රීඩකයන් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකිරීම නිසා මෙම T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවයි.
තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයකු වශයෙන් ඒ පිළිබඳ කණගාටු වන බව ද ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනිඳු හසරංග පැවසුවේ “ක්‍රීඩකයන් විදිහට අපි දන්නවා අපි අතින් සිදු වූ වැරදි මොනවාද කියලා . අපි ක්‍රීඩකයෝ වශයෙන් හොඳින් ක්‍රීඩා නොකළ නිසා , පිතිකරණය , පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොඳින් සිදු නොකළ නිසා මේ ආකාරයට පරාජය වැළද ගැනීමට සිදු වුණා” යනුවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.40ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි .
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත් , ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart