
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ලන්ඩනයේ පැවති සමුළුවට හිටපු අගමැතිවරයකු වන රත්නසිරි වික්‍රමනායකගේ දියණියද සහභාගී වී තිබේ.
වත්මන් ආණ්ඩුවේ බුද්ධශාසන ඇමැති විදුර වික්‍රමනායකගේ සහෝදරිය වන තුෂාරා වික්‍රමනායක එම සමුළුවට සහභාගී වෙමින් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙත ප්‍රශ්නයක් යොමුකිරීමට ද ඉදිරිපත් වී තිබිණි.

දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇය එහිදී ප්‍රශ්න කර තිබිණි.
තුෂාරා වික්‍රමනායක පසුගිය අරගලය සමයේ සිය සොහොයුරාට එරෙහිව පවා හඬ නැගීම සම්බන්ධයෙන් කතාබහට ලක්වුවාය.
මේ අතර, එක්සත් රාජධානියේ ජාතික ජන බලවේගය ලන්ඩන් රැලියට තවත් සුවිශේෂ චරිතයක් සහභාගී වී සිටියේය.
ඔහු මෙම රැලියට සහභාගී සඳහාම පැමිණ තිබුණේ කැනඩාවේ සිටය.
ඔහු කැනඩාවේ දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ නියෝජිතයකුද වන බව පැවසේ.
එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් ඇති ප්‍රසාදය නිසාම තමන් කැනඩාවේ සිට මෙම රැලියට සහභාගී වීම සඳහා පැමිණි බවයි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart