
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්රේන හමුදා වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීම්වලට යුක්රේනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වේ.
මේ මොහොතේ යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සති දෙකකට පෙර යුක්රේන බලධාරීන්ගෙන් විධිමත් ලෙස ඉල්ලීමක් කර තිබේ.
මීට සතියකට පෙර සිහි කැඳවීමක් ද යොමුකර ඇතත් තවමත් ප්‍රතිචාරයක් ලබා දී නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
මීට අමතරව, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ද ඉන්දියාවේ යුක්රේන දූත මණ්ඩලයෙන් මේ පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
දැනට වාර්තා වන පරිදි බඳවා ගැනීම් එරට නීතියට අනුව සිදුකර තිබේ.
එසේම, යුක්රේනය යුදමය වාතාවරණයක ගිලී ඇති අවස්ථාවක තොරතුරු ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධ මූලික යථාර්ථයන් පිළිබඳ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය අවබෝධයෙන් සිටින බව ද එම ආරංචි මාර්ග පවසයි.
මේ අතර, යුද පෙරමුණට කර ඇති බඳවා ගැනීම් තම නීතියට අනුකූල බව රුසියාව අවධාරණය කිරීම හේතුවෙන් රුසියානු යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ.
යුක්රේනයට එරෙහි යුද්ධයේදී සිය හමුදාවට බැඳීමට අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම්වලට ශ්‍රී ලාංකික පුරවැසියන් ගරු කළ යුතුය යන ස්ථාවරයේ රුසියාව රැඳී සිටින බව ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත්, ද්විපාර්ශ්වික සබඳතාවලට බලපෑම් ඇති විය හැකි බැවින් දෙරට දැන් උත්සාහ කරන්නේ රාජ්‍ය තාන්ත්‍රිකව ගැටලුව විසඳා ගැනීමට බව වාර්තා වේ.
ශ්‍රී ලාංකිකයන් 400කට අධික සංඛ්‍යාවක් යුද්ධය සඳහා රුසියාවට ගොස් ඇති නමුත් යුක්රේනයට ගොස් ඇත්තේ ඊට අඩු සංඛ්‍යාවක් බව දැනගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart