
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවිය.
ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය අතරතුරදීයි.
එම හමුවේයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාප් වහන්සේට ආරාධනයක් ද සිදු කර තිබේ.
ඒ ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙසයි.
එමෙන්ම මිනිසුන්ට සේවය කිරීමට සහ පෘථිවිය යහපත් කිරීමට පාප් වහන්සේගේ කැපවීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් අගය කර ඇත.
ඉකුත් 13 වනදා ආරම්භ වූ G7 සමුළුව අද අවසන් වුණා.
ඒ සඳහා සහභාගී වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර තිබුණේ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි.
මහ මැතිවරණයෙන් ජය ලබා ඉකුත් දා තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි පදවි ප්‍රාප්තියෙන් අනතුරුව සිදු කරන පළමු විදෙස් සංචාරය මෙයයි.
ජී7 සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විදෙස් රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකුම හමුවී තිබේ.
එම නායකයින් අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ප්‍රංශ ජනාධිපතිවරයා එම්මානුවෙල් මැක්‍රන් ඇතුළු පිරිසක් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart