
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතීතයේ ප්‍රචණ්ඩත්වයට යොමු වූ දේශපාලන කණ්ඩායම්වල නොනැසී පවතින ස්වභාවය සහ නැවත ප්‍රචණ්ඩත්වයට යොමුවීමේ සම්භාවිතාව සැලකිල්ලට ගෙන හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්, ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන ප්‍රචණ්ඩත්වයේ විභවය පිළිබඳව කනස්සල්ල පළකළහ.
මෙම දේශපාලන කණ්ඩායම් එවැනි උපක්‍රම අත්හැරීමට පවතින ඉඩකඩ අඩු බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
ඒ ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීයි.
ජාතික ජනබලවේගයට අනුබද්ධ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එකතුව විසින් පසුගිය සතියේ සංවිධාන කරන ලද සමුළුවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, හිටපු CID අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු විශ්‍රාමික පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගී වීමෙන් අනතුරුව මෙම ජනමාධ්‍ය හමුව පැවැත්විණි.
ජනමාධ්‍යවේදීන් අමතමින් එහිදී හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කියාසිටියේ පසුගිය කාලයේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු දේශපාලන කණ්ඩායම් ඉදිරියේදී ඒ ආකාරයෙන්ම හැසිරෙන්නේ නැතැයි විශ්වාස කළ නොහැකි බවයි.
දේශපාලන ප්‍රචණ්ඩත්වයේ ඇතැම් ඓතිහාසික අවස්ථා ගැන සඳහන් කළ ඔහු, එවැනි කණ්ඩායම් පුනරුත්ථාපනය කිරීමට උත්සාහ කළ ද ප්‍රචණ්ඩ කැරලි දිගටම සිදු වූ බව සඳහන් කළේය.
හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු එහිදී 2022 මැයි 9 වැනි දින, එක් රාත්‍රියක් තුළ නිවාස 91ක් ගිනිබත් කළ සිදුවීම්, අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයේ රටාවක් පෙන්නුම් කරන සිදුවීම් බව ද ඉස්මතු කළේය
ඇතැම් ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික පොලිස් නිලධාරීන් දේශපාලන කණ්ඩායම් සමඟ පෙළගැසීමට ගත් තීරණය විවේචනය කළ ඔහු රටේ අනාගතය සහ පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන නොසිතා එවැනි තේරීමක් කළ හැකිද යන්න ප්‍රශ්න කළේය.
මේ අතර, විශ්‍රාමික පොලිස් අධිකාරී නෝටන් ද සිල්වා ප්‍රකාශ කළේ ඉහත කී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දේශපාලන සංවිධානවලට සම්බන්ධවීම පොලිසියට කළ අපකීර්තියක් බවයි.
“මෙවැනි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික පොලිස් නිලධාරීන් දේශපාලන සංවිධානයක් පිහිටුවාගෙන කිසියම් පක්ෂයකට සම්බන්ධ වීම විශ්‍රාමික සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලැජ්ජාවක්,” ද සිල්වා ප්‍රකාශ කළේය.
හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙක්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, විශ්‍රාමික පොලිස් අධිකාරීවරු සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම ජනමාධ්‍ය හමුවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart