
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රබල තරඟකාරියන් වූ ස්කොට්ලන්ත නායිකා කැත්‍රින් බ්‍රයිස් සහ ICC හි දක්ෂතම පන්දු යවන්නිය වන සොෆී එක්ලෙස්ටෝන් අභිබවා යමින්. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු 2024 මැයි මාසයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) කාන්තා ක්‍රීඩිකාව ලෙස නම් කර ඇත.
ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී අතපත්තුගේ විශිෂ්ට දස්කම් නිසා ඇයට මෙම ගෞරවනීය සම්මානය හිමිව තිබේ.
2024 ICC කාන්තා ලෝක කුසලානයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාවට ස්ථානය සහතික කරමින් ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේදී තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමෙන් පසුව පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම සම්මානය දිනාගත් චමරි අතපත්තු දැන් නැවතත් එය ලබාගෙන ඇත.
ඇයගේ ස්ථාවර විශිෂ්ටත්වය, ICC හි වසරේ එක්දින ක්‍රීඩිකාව (2023) සහ ශ්‍රී ලංකාවේ සුදු පන්දු ආකෘති දෙකෙහිම වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාව වීම, නූතන ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස ඇයගේ තත්ත්වය තහවුරු කර ඇත.
ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේදී අතපත්තු තරඟ 6 කදී ලකුණු 266 ක් රැස්කරමින් තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා විය.
අවසන් මහා තරගයේදී විස්මිත ශතකයක් (පන්දු 63කින් ලකුණු 102ක්) රැස්කරමින් ශ්‍රී ලංකාවට ශූරතාව හිමිකර දෙමින් ඇය තරගාවලිය ඉහළ තලයකින් අවසන් කළාය. මෙම ශතකය ඓතිහාසික වූ අතර එය T20 WC සුදුසුකම් ලැබීමේ ඉතිහාසයේ පළමු ශතකය විය.
මැයි මාසයේදී ඇය සහභාගී වූ තරග හතරේදී අතපත්තු ලකුණු 151ක් ලබාගත්තේ සාමාන්‍ය 37.75ක් ලෙසිනි.
ඇය පන්දුවෙන් ද බැබළෙමින් කඩුල්ලකට ලකුණු 9.16ක සාමාන්‍යයක් සහිතව කඩුලු 6ක් දවාගනිමින් අවසන් මහා තරගයේදී තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart