
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ඉතාලිය බලා පිටත්ව යාමට නියමිතයි.
තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදිගේ පළමු විදෙස් සංචාරය මෙම ඉතාලි සංචාරයයි.
ඔහු ඉතාලිය බලා පිටත්ව යන්නේ එහි පැවැත්වෙන ජී සමුළුවට සහභාගි වීම සඳහායි.
ඒ සඳහා ජී 7 රටවලින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ ආරාධනයක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තා අනාවරණ කරන පරිදි අද ආරම්භ වන ජී 7 සමුළුව 15 වනදා දක්වා පැවැත්වෙයි.
ඒ අනුව හෙට දිනයේදී සමුළුව ඇමතීමට ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබේ.
සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශවීය හමුවක් පැවැත්වෙනු ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart