
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුත්තල පොලිස් වසමට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් නවවැනිදා පැමිණි පිරිසක් මවුපියන්ට පහරදී නිවෙසේ කාමරයක නිදාගෙන සිටි දාහතර හැදිවිරිදි දැරියක පැහැරගෙන යෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෝ තිදෙනෙක් බුත්තල පොලීසිය විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගනු ලැබූහ.
දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව කියන ප්‍රදේශයේ කාර්මිකයකු තවත් කිහිපදෙනකු සමග දැරියගේ නිවෙසට පැමිණ මෙලෙස දැරිය පැහැරගෙන ගොස් සිටි බවට පොලිසිය කියයි.
අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත ඔහුගේ නිවෙසේ කාමරයක භූගත කුටියක සඟවා සිටි දැරිය සොයාගෙන ඇත.
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් පැමිණි යතුරුපැදිය ද පොලිසිය භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු බුත්තල වී ගබඩාව පාර පදිංචි 18 හැවිරිදි අයකු වන අතර ඔහුට සහාය දුන් අනෙක් සැකකරුවන් දෙදෙනා පොල්වත්තේ ගෙදර 18 හැවිරිදි අයකු සහ රත්නසිරිගෙදර 51 හැවිරිදි අයකු බව කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart