
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ප්‍රදේශයේ ගුරුවරියකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ අවසන් විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව එලෙස පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක ඊයේ (12) නියෝග කිරීමත් සමග නඩුව එලෙස අවසන් විය.
මහනුවර ප්‍රදේශයේ ගුරුවරියකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළ බවට අදාළ කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනුකර තිබිණි.
මෙම නඩුව වසර 13 ක පමණ කාලයක් අධිකරණයේ විභාග විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart