
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධරුවෙකු ලෙස චෝදනා එල්ලව සිට් ‘පස් පොඩ්ඩා’ නමැත්තාව වෙඩිතබා ඝාතනය කළ බවට සැකකෙරෙන වෙඩික්කරු අද උදැසන කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මීගමුව, කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු ගුවන් තොටුපොළ පොලීසිය වෙත බාරදීමට පියවර ගෙන ඇත.
2022 වසරේ ජූලි මසදී ‘පස් පොඩ්ඩා’ වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසුව, අදාළ පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර බලා පළාගොස් සිටි අතර අනතුරුව ඔහුට ගුවන් ගමන් තහනමක් ද පනවා තිබිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart