
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 150 ක මුදලක් වංචා කළ බව කියන 54 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය අදාළ පුද්ගලයාගෙන් රුපියල් මිලියන 150 ක් ලබාගෙන එය ආපසු ගෙවීමට අපොහොසත් වී ඇතැයි පැවසේ.
මාකොළ ප්‍රදේශයේ පදිංචි සැකකාරිය සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථයක්, ස්මාර්ට් ෆෝන් කිහිපයක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අදාළ කාන්තාව කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී මිතුරෙකු විසින් තමාට හඳුන්වා දුන් බව ව්‍යාපාරිකයා පොලිසියට දන්වා ඇත.
තමන් මෙරටට වාහන ගෙන්වන බවට සැකකාරිය පවසා ඇති බවත්, ගෙන්වන ලද වාහන කිහිපයක් රේගුවෙන් නිෂ්කාශනය කිරීම සඳහා මෙම මුදල් කඩිනමින් අවශ්‍ය බවත් සැකකාරිය අදාළ ව්‍යාපාරිකයාට පවසා ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව ව්‍යාපාරිකයා ඇයට මුදල් සපයා ඇතත්, පසුව ඔහු පොලිසියට පැමිණිලි කර ඇත්තේ මුදල් සමඟ කාන්තාව අතුරුදන් වූ බවත්, ඉන් පසුව තමාට ඇය දැකගැනීමට නොලැබුණු බවත් පවසමිනි.
අත්අඩංගුවට ගත් සැකකාරිය මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධීන්වලට සම්බන්ධ ඉතිහාසයක් ඇති අයෙකු බවට වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත.
සැකකාරියට මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ, කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු රැසකදී වංචා චෝදනා එල්ල වී ඇති බවද අනාවරණය වී තිබේ.
මීට අමතරව මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාරියකගෙන් රුපියල් 636,000ක මුදලක් ලබාගැනීමට උත්සාහ කළ බවට ද මෙම සැකකාරිය චෝදනා ලබා සිටී.
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම, ව්‍යාජ චෙක්පත් නිකුත් කිරීම ඇතුළු තවත් විවිධ වංචනික ක්‍රියාවලට ඇය සම්බන්ධ වී ඇති බවද පොලිසිය අනාවරණ කර ගෙන ඇත.
සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart