
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෑගල්ල, රඹුක්කන පාර ආයුර්වේද සම්බාහන ආයතනයක් තුළදී ඉරාන ජාතික තරුණියකට ලිංගික අතවර කළ බව කියන එම ආයනයේ සේවකයකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල රන්දෙණිය ප්‍ර දේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
ලිංගික අතවරයට ලක්වූ ඉරාන ජාතික තරුණිය තවත් ඉරාන ජාතිකයන් කීප දෙනකු සමග ආයුර්වේද සම්බාහනය සදහා රන්දෙණිය ප්‍ර දේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ ඇති අතර එහිදී ඇය සම්බාහනය කිරීම සදහා සැකකරුට අවස්ථාව ලැබී ඇති බව පොලිසිය පවසයි.
එහිදී සැකකරු එම තරුණිය සම්බාහනය කිරීමේ කුටියකට කැඳවා සම්බාහනය කරන මුවාවෙන් එම කාන්තාවට විවිධ ලිංගික අතවර සිදුකළ බවට එම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය කියයි.
මෙසේ ලිංගික අතවර කර ඇත්තේ අවුරුදු 24 ක ඉරාන ජාතික තරුණියකට බව පොලිසිය කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart