
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තත්ත්වයෙන් බාල ඖෂධ නිපදවීම සඳහා රුධිර බැංකුව මගින් රුධිර ප්ලාස්මා නිසි ක්‍රමවේදයෙන් තොරව මුදලට අලෙවි කර ඇති බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක දැක්වේ.
ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා අදාළ සැපයුම්කරුගේ ඉල්ලීම මත මෙලෙස රුධිර ප්ලාස්මා ලබාදී ඇතැයි ද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
රසායනාගාර පරීක්ෂණ මගින් ද තහවුරු නොකළ රුධිර ප්ලාස්මා මෙලෙස බාහිර පාර්ශ්වයන් වෙත ලබාදීමට කටයුතු කර ඇතැයි ද විගණන වාර්තාව පෙන්වා දෙයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ මත රුධිර බැංකුවේ අධ්‍යක්ෂවරයා විසින් මේ අන්දමට නීත්‍යනුකූල නොවන ක්‍රම යටතේ විටින්විට රුධිර ප්ලාස්මා ලබාදී ඇති බවත් මේ හරහා ඖෂධ නියාමන අධිකාරි පනත බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත් අදාළ වාර්තාව මගින් විගණකාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ජනතාවගේ රුධිරය පූර්ව අවසරයකින් තොරව මුදලට විකිණීමට කටයුතු කර ඇති රුධිර බැංකුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ කමිටු සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වෘත්තීය හා සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart