
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පවුලේ ඥාතීන් බැලීමට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණි ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට මස් දියවන දුර්ලභ රෝගයක් වැළඳීමේ හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා වෛද්‍යවරුන් ඇයගේ වම් අත කපා දමා තිබේ.
74 හැවිරිදි කාර්මෙල් රොද්‍රිගෝ නමැති කාන්තාව මෙල්බර්න් නුවර වාසය කරන සිය දියණිය වන ගයත්‍රි පෙරේරා බැලීමට යමින් සිටියදී ඇගේ වම් අතේ වේදනාවක් දැනෙන්නට පටන්ගෙන ඇත.
මෑතකදී ඕස්ට්‍රේලියාවට ගොස් ඇති මෙම පවුල බැලීමට පැමිණි කර්මෙල් එම අභිරහස් ලෙස රෝගය වැළඳීමෙන් පසු ජීවිතය වෙනුවෙන් රෝහලේ සටන් කරමින් සිටියි.
ඇයගේ වේදනාව පාලනය කිරීමේ උත්සාහයක් ලෙස ඇයව සන්සුන් කිරීමට වෛද්‍යවරුන්ට සිදුව ඇත.
කාර්මෙල් සිය දියණිය සහ ඇගේ පවුල බැලීමට වසර ආරම්භයේදී ඕස්ට්‍රේලියාවට පැමිණ තිබේ.
මාස කිහිපයක් රටේ සිරි නරඹමින් සහ පවුලේ අය සමග කල්ගත කළ කර්මෙල් පසුගිය මාසයේ එක් රාත්‍රියක සිහි විකල් වීමට පටන් ගත් බව ඇගේ දියණිය ගයත්‍රි පැවසුවාය.
“ඇය වේදනාවෙන් කෑගසමින් සිටි අතර ඇගේ අත ඉදිමී, තරමක් නිල් පැහැයක් ගෙන තිබුණා,” ගයත්‍රි Yahoo News වෙත පැවසුවාය.
තම මව හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ගෙන යෑමෙන් පසු, පැය කිහිපයක් බලා සිටීමට සිදු වූ අතර, කර්මෙල්ට ඇගේ අතේ හැඟීම නැති වීමට පටන් ගැනීම නිසා ඇගේ දියණිය බිය වී ඇත්තේ ඇය අංශභාග රෝගයට ගොදුරු වනු ඇති බවටයි.
“වෛද්‍යවරු එය ආසාදනයක් බව පැවසූ නමුත් පැතිරීම ඇත්තෙන්ම කෙතරම් වේගවත්ද යන්න ඔවුන්ට හඳුනාගත නොහැකි වුණා. ඇයට දිවි ගලවා ගැනීමට ඇත්තේ සියයට 10ක අවස්ථාවක් පමණක් නිසා යාඥා කරන ලෙස මට කිව්වා” යනුවෙන් ගයාත්‍රි පවසා තිබේ.
කර්මෙල්ට මාරාන්තික ‘බුරුලි වණ’ නම් රෝගය ඇති බව හඳුනාගෙන ඇති අතර එය සාමාන්‍යයෙන් ‘මස් අනුභව’ රෝගය ලෙස හැඳින්වේ.
බුරුලි (බේර්න්ස්ඩේල් ලෙසද හැඳින්වේ) වණ යනු Mycobacterium ulcerans නම් බැක්ටීරියාව නිසා ඇතිවන සමේ රෝගයකි.
බැක්ටීරියාව මගින් නිපදවන විෂ මගින් සමේ සෛල, කුඩා රුධිර නාල සහ සමට යටින් ඇති මේදය විනාශ කරන අතර එමඟින් සම නැති වී වණ සෑදෙයි.
රෝග විනිශ්චය කිරීමෙන් පසුව, රෝගය මැඩපැවැත්වීම සඳහා කර්මෙල්ගේ වම් අත කපා දමන ලදී.
පසුගිය සති තුනක කාලය තුළ ඇය රෝහලේ සන්සුන්ව සිට ඇති අතර, ඇය සිහියෙන් සිටියහොත් ඇගේ වේදනාව ඉවසිය නොහැකි බව වෛද්‍යවරුන් පැහැදිලි කළ බව ගයත්‍රි පැවසුවාය.
සම සහ මෘදු පටකවලට හානි කරන බුරුලි වණ, මදුරුවන් සහ අනෙකුත් සතුන් මගින් පැතිරේ.
මෙම රෝගය මීට පෙර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කිහිපයකින් හඳුනාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart