
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශගත ශ්‍රමිකයන් විසින් මැයි මාසයේදී මෙරටට එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලය තුළ එවන ලද ප්‍රේෂණවලට වඩා සැළකිව යුතු වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.
මහ බැංකු දත්ත අනුව විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මැයි මාසයේදී ඒවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 544.4කි.
එය දළ වශයෙන් රුපියල් බිලියන 148.8කට ආසන්න වේ.
2023 වසරේ මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවා තිබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 479.7කි.
එනම් එය රුපියල් බිලියන 163.2කට ආසන්න වේ.
2023 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය සැළකීමේ දී 2024 වසරේ අදාළ කාලය තුළ මෙරටට එවා ඇති ප්‍රේෂණ ද ඉහළ අගයක් පෙන්නුම් කරයි.
ඒ අනුව 2023 වසරේ එම කාලයට අදාළ ප්‍රේෂණ 2,346.9ක් ලෙසත් 2024 වසරේ අදාළ කාලය තුළ ප්‍රේෂණ 2,624.4ක් ලෙසත් සටහන් වී තිබේ.
ත්‍රිකුණාමලයේ පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර සඳහන් කළේ තමන් අමාත්‍යාංශය භාරගත් දිනයේ සිට මේ දක්වා ඩොලර් බිලියන 11.3ක් විදේශගත ශ්රමිකයන විසින් ප්‍රේෂණ ලෙස ඒවා ඇති බවයි.
මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව සංචාරකයන්ගේ පැමිණීම ද මේ වසරේ මැයි මාසයේදී ඉහළ ගොස් ඇති අතර ඒ අනුව සංචාරක ඉපැයීම් ප්‍රමාණය දැක්වුණේ ඩොලර් මිලියන 154ක් ලෙසයි.
ගිය වසරේ මැයි මාසයේදී සංචාරක ඉපැයීම් සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 100ක් ලෙසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart