
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉතාලියේ සිට පැමිණ මාවතගම පිලැස්ස මාස්වැව ලිපිනයේ පදිංචිව සිටි මාරි රූඩ් පෙරේරා නමැති 62 හැවිරිදි කාන්තාව නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇති බව මාවතගම පොලීසිය පවසයි.
ඊයේ (6) රාත්‍රි 8.00 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තාවේ.
දෙදරු මවක වන එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් ඉතාලියේ පදිංචිව සිටින බවත්, ඇය කලක් ඉතාලියේ රැකියාවක නියුතුව සිට පසුගිය 29 වන දින ලංකාවට පැමිණ ඇයට අයත් ඉහත ලිපිනයේ පිහිටි නිවසේ පදිංචිව සිට ඇති බවත් පැවසෙයි.
නිවසේ මුදල් හා දේපල සොරාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති බවටද සැක කරනු ලබයි.
එසේම මෙම ඝාතනයට නිධානයක් හා සම්බන්ධ තොරතුරුද ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිසිය කියයි.
භික්ෂුවක් සමඟ පැමිණි පුද්ගලයන් කීපදෙනකු නිධානයකින් ලබාගත් බව කියන මැණික් හෝ රන් කැබලි (මරන්චි) පෙන්වා ඒවා එම කාන්තාවට ලබාදී රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලබාගෙන ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
එම පිරිස මැදිරිගිරිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබේ.
මොවුන්ට අමතරව එම නිවසේ සේවයට පැමිණ සිටි යුවළක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විමර්ශන දියත් කර ඇත.
පොලිස් නිල සුනඛයන් යොදා සිදුකළ මෙහෙයුමකදී ඝාතනයට ලක්වූ කාන්තාව සිටි නිවස ආසන්නයේ පිහිටි කුඹුරක තිබී පාවහන් ජෝඩුවක්ද පොලිසියට හමුවී තිබේ.
මේ වනවිට ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් මෙන්ම ඔවුන් පැමිණි බව කියන වාහන සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති බැවින් මාවතගම පොලිසිය සමඟ තවත් පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් වාර්තා සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart