
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙනුවට අස්සන් තබන නිලධාරියාගේ නිල මුද්‍රාව පැහැරගෙන වංචනික ලෙස එම නිල මුද්‍රාව තබා, එම නිල මුද්‍රාව අසලින් රෙජිස්ට්‍රාර්වරයා වෙනුවට අස්සන් කරන නිලධාරියාගේ බව හැඟවෙන ව්‍යාජ අස්සනක් යොදා වරෙන්තු ආපසු කැඳවීමේ ලිපියක් නිකුත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ නීතිඥයකු රුපියල් ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කළේය.
සැකකාර නීතිඥවරයාට විදේශගතවීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබන ජූලි මස 25 දින යළි අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසටද සැකකාර නීතිඥයාට නියෝග කෙරිණි.
අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් සැකකාර සදකුතුල්ලා මොහොමඩ් අරුෂ් නමැති නීතිඥයා අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර හිටපු අතිරේක මහෙස්ත්‍රාත් සහ මහව වත්මන් මහෙස්ත්‍රාත් කංචනී නර්තනා අභිමානි සෙනවිරත්න මීට පෙර ලබා දුන් නියෝගයකට අනුවය.
කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවකුට මෙම සැකකාර නීතිඥයා විසින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙනුවට අස්සන් තබන නිලධාරියාගේ නිල මුද්‍රාව පැහැරගෙන වංචනික ලෙස යොදා රෙජිස්ට්‍රාර්වරයා වෙනුවට අස්සන් තබන නිලධාරියාගේ බව හැඟවෙන අස්සනක් හොරට තබා ලබාදී ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
සැකකාර නීතිඥයා විසින් ව්‍යාජ ලෙස තබා තිබූ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙනුවට අස්සන් තබන නිලධාරියාගේ අස්සන බව හැඟවෙන අස්සන, අත්අකුරු පක්ෂකවරයාට යොමුකර එම අස්සන සම්බන්ධයෙන් අත් අකුරු පරික්ෂාවක් සිදුකළ අතර එහිදී අදාළ අස්සන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙනුවට අස්සන් තබන නිලධාරියාගේ සැබෑ අස්සන නොවන බවට තහවුරු කෙරිණි.
මෙසේ ඇප මත මුදාහැරීයේ අනුරාධපුර ප්‍රදේශයේ නීතිඥ වෘත්තියේ නියැළෙන මිහින්තලේ ඉහළගම කටුකැලියාව පදිංචි සදකතුල්ලා මොහොමඩ් අරුෂ් නමැති නීතිඥයෙකි. (මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart