June 4, 2024

පසුගිය මැයි 29 වැනිදා සිට අතුරුදන් වූ මවක් සහ දියණියක් සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

අතුරුදන්වූ දැරියගේ පියා සහ තරුණියගේ සැමියා බව කියන පුද්ගලයෙකු කටුනායක පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

අතුරුදන් වූ කාන්තාව 26 හැවිරිදි යශෝධා හංසනී කහතුඩුව ආරච්චි වන අතර දියණිය 04 හැවිරිදි චාතුර්‍යා තෝෂ්නි ලියනගේ ප්‍රනාන්දු වේ.

මොවුන් දෙදෙනා පිළිබඳ තොරතුරු කටුනායක පොලිස් ස්ථානාධිපති – 071-8591639 සහ කටුනායක පොලිස් ස්ථානය – 011-2252222 වෙත දැනුම් දිය හැක.