
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ පළමු තරගයේදී දුර්වල පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වීමට ඊයේ සිදුවිය.
නිව්යෝර්ක් හිදි පැවැති එම තරගය දකුණු අප්‍රිකාව කඩුලු 06කින් ජයගත්තේය.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් නමුත්, දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 77ක් පමණක් ලබාගත්තේය.
පන්දුවාර 20 ලෝක කුසලාන ඉතිහාසයේ ICC පූර්ණ සාමාජික කණ්ඩායමක් විසින් ලබාගත් පස්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව මෙය විය.
පන්දුවාර 20 ලෝක කුසලානයේදී ඕනෑම කණ්ඩායමක් රැස්කළ සමස්ත අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස, ලකුණු 39කට නෙදර්ලන්තය 2014 දී ශ්‍රී ලංකාවට හමුවේ දැවීයෑම සටහන් වී ඇත.
ඊයේ තරගයේ දි ඇන්ජලෝ මැතිව්ස්,කුසල් මෙන්ඩිස් සහ කමිදු මෙන්ඩිස් හැර ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් සියලු පිතිකරුවෝ ලබාගත්තේ ලකුණු 10ට අඩුවෙනි.
පන්දු යැවිමේදි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අන්රික් නොකියා පන්දුවාර 04 තුල ලකුණු 07කට කඩුලු 04ක් බිදහෙලන ලදී.
ලබාදුන් පහසු ඉලක්කය හඹායෑමට දකුණු අප්‍රිකාව පිටියට පිවිසියද තරගය ජයග්‍රහණය කිරීමට ඔවුන් පන්දුවාර 16යි පන්දු 02ක් වැයවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් එල්ලකල පීඩනය හමුවේය.
දකුණු අප්‍රිකාව කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබාගනිමින් මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයට සාර්ථක ආරම්භයක් ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart