
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයිස් මත්ද්‍රව්‍ය භාවිත කොට පොලිසියේ කලහකාරීව හැසිරුණු බව කියන කොස්තාපල්වරයකු අයිස් මිලිග්‍රෑම් 180ක් ද සන්තකයේ තිබියදී කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් නියම කළේය.
පන්නල පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අම්පාර පන්නල්ගම පදිංචි 21 හැවිරිදි ආධුනික කොස්තාපල්වරයකු ඉකුත් 31දා පන්නල පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත්කරන ලදුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පොලිසිය අධීකරණයට කරුණු දක්වමින් කියාසිටියේ සැකකාර කොස්තාපල්වරයා අධික ලෙසින් අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවකු බවත්, 30 වැනිදා සවස සැකකරු පොලිසිය තුළත් නේවාසික කාමර තුළත් අයිස් මතින් කලහකාරී අන්දමින් හැසිරි ඇති බවත්ය.
තත්වය පාලනය කිරීමට සැකකාර කොස්තාපල්වරයා පොලිස් සිරි මැදිරියේ රඳවා ගැනීමට පවා සිදුවූ බවත් පොලිසිය අධිකරණයේ කරුණු දක්වමින් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart