June 3, 2024

වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප නියම කරමින් කම්කරු ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබාදීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් ගොනු කළ පෙත්සමක් අද (03) සළකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

කෙසේවෙතත්, පෙත්සම විභාගයට ගැනීමට නියම කළ විනිසුරු මඩුල්ල කම්කරු ඇමැති මනූෂ නානායක්කාර ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන්ට ජුනි 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.