June 3, 2024

 

පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බැවින් කොළඹ නගරයේ පිහිටි ගස් පිළිබඳව මහ නගර සභාව, යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් නිරීක්ෂණය කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

“කොළඹ මහ නගර සභා නගර සීමාව තුළ ගස් ලක්ෂයක් තිබෙනවා. මෙයින් 300 ක් පමණ ඉහළ අවදානමක් ලෙස සලකනු ලබනවා” රාජ්‍ය ඇමැතිවරයා වත්මන් ආපදා කළමනාකරණ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදී වාර්තාකරුවන්ට පැවසීය.

සියලුම ගස් කපා දැමිය යුතු නැති බව ද ඔහු පැවසීය. “අපට සමහර අතු කපා ඒවා රඳවා ගත හැකියි” එහෙත් ගැටලුව වූයේ ගස ආසන්නයේ ඇති ගොඩනැගිලිවල එක් පැත්තකින් අතු කපා තිබීම නිසා එය අසමතුලිත තත්ත්වයට පත්වීම බවද රාජ්‍ය ඇමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

පළාත්/නගර ආයතනවලට ගොඩනැගිලි නීතිරීති බලාත්මක කිරීම ශක්තිමත් කළ හැකි පරිදි නව නීති ගෙන එනු ඇත. “ගසක් ගැන අනතුරු ඇඟවීමක් කළ හැකි එකම ආයතනයක් අපට නැහැ. පාරක් අසල සිටුවිය හැකි හෝ නොමැති ගස් මොනවාදැයි අපට කියා දෙන්නෙකු ද නැහැ.”

“ගස් ප්‍රදේශයට සුදුසු විය යුතුයි. සමහර ගස්වල මුල් පැතිරී පාරවල්, ගොඩනැගිලි වලට හානි කරනවා. මූල් ගැඹුරට යාමට නොහැකි වූ විට, ඒවා පෙරළීමට නැඹුරු වනවා. “දැන් පරිසර දිනය ළඟයි, ඕනෑම කෙනෙකුට පාර අයිනේ ගසක් සිටුවන්න පුළුවන්. අපි මේ ගැන තීරණයක් ගත යුතුයි. ඉදිරියේදී දැඩි ලෙස නීති ක්‍රියාත්මක කළ යුතුයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.