
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සදහා යැයි පවසා අනියම් බිරිය කනත්තට කැඳවාගෙන ගොස්, පෙටුල් දමා ගිනිතබා, ඝාතනය කළ බව කියන පුද්ගලයකු පෙරේදා (1) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
මෙසේ ගිනිතබා ඝාතනය කර ඇත්තේ, ආර්. භවානි (45) නමැති, චාවකච්චේරි ප්‍රදේශයේ වෙළෙඳ සේවිකාවක බව පොලිසිය කියයි.
කාන්තාව සැකකරු සමග වසර 8ක් පමණ අනියම් සබඳතාව පවත්වාගෙන ගොස් ඇති අතර, පසුව සැකකරු තවත් කාන්තාවක සමග මිත්‍ර වී ඇය විවාහ කරගෙන ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුව සැකකරු සහ අනියම් බිරිය අතර මතභේද හටගෙන තිබූ අතර, සිද්ධිය වූ දින සැකකරු අනියම් බිරිය සමග තම මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සඳහා ගුරුනගර් ප්‍රදේශයේ සුසාන භූමියකට ගොස් ඇති අතර, එහිදී ඇයගේ සිරුරට පෙට්‍රල් දමා ගිනිතබා ඇති බව පොලිසිය පවසයි.
සිරුර ගිනි ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී පෙට්‍රල් දමා ඇයට ගිනි තැබූ බවට සැකකරු පවසා ඇතැයි පොලිසිය කියයි. ව
හාම ක්‍රියාත්මක වූ යාපනය පොලිසිය පෙරේදා (1) සැකකරු අත්අඩංගුවට ගත් අතර, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, යාපනය රෝහල පාරේ, ආරක්ෂක නිලධාරියකු බව පොලිසිය පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart