
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිවාන විවෘත මලල ක්රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වේ ප්රථම ස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න සමත්ව තිබේ.
එහිදී තරුෂි දැක්වූ දක්ෂතාව විනාඩි 02යි තත්ත්පර 05යි දශම 74ක් විය.
මෙම තරගාවලියේ ඊයේ පැවති කාන්තා මීටර් 400 ඉසව්වේ ප්රථම ස්ථානයද තරුෂි කරුණාරත්න ජයගනු ලැබුවේ තත්පර 52.48ක කාලයක් වාර්තා කරමිනි.
එය මීටර් 400 ඉසව්වේ ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස සටහන් විය.
එමෙන්ම මෙම තරගාවලියේ දි කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට දිල්හානි ලේකම්ගේ අද සමත් වූවාය.
ඇය එහිදී මීටර් 52.79ක දක්ෂතාවක් දක්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart