
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ චීන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් ඩොන් ජුන් අතර හමුවක් සිදුව තිබේ.
ඒ, සිංගප්පූරුවේදීයි.
එහිදී තායිවාන් සමුද්‍ර සන්ධිය වටා චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් මෑත කාලීනව සිදු කළ යුද අභ්‍යාසය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුව තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ ප්‍රකෝපකාරී ක්‍රියාකාරකම් පිළිබඳව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කනස්සල්ල පළ කළ බවයි.
තායිවානයේ දේශපාලන සංක්‍රාන්තිය බලහත්කාර ක්‍රියාමාර්ග සඳහා කඩතුරාවක් ලෙස චීනය භාවිතා නොකළ යුතු බව ද එහිදී ආරක්ෂක ලේකම්වරයා පැවසූ බව පෙන්ටගනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වයේ වැදගත්කම ද අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා එහිදී යළිත් තහවුරු කර ඇත.
ජාත්‍යන්තර නීතිය ඉඩ දෙන ඕනෑම තැනක අමෙරිකාව අඛණ්ඩව පියාසර කිරීම, යාත්‍රා කිරීම සහ ආරක්ෂිතව සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක වන බව ද ලේකම්වරයා පැහැදිලි කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart