
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිබිල නගරයේ පිහිටි රටබීම හලේදී ඉකුත් ( 30 දා ) වැනිදා මියගොස් සිටියදී හමු වූ එහි කළමනාකරුගේ මරණය සම්බන්ධයෙන් එහි සේවකයකු එදිනම සැකපිට බිබිල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.
හාලිඇළ බෝගහමඩිත්ත පදිංචි හේවා කොක්ගලගේ ගයාන් ඉන්දික (37) නමැති දෙදරු පියෙකු මෙලෙස මියගොස් තිබිණි.
එහි සේවකයෙකු වන මඩොල්සිම මහදෝව පදිංචි එස්. පුෂ්පරාජා නැමති අයෙකු මරණය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබූ අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකළ පොලිසිය සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී රට බීම වෙළෙඳ සැලේ කාලේ අරක්කු බෝතල් හැත්තැහයක අඩුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සැකකරු විසින් කළමනාකරුගේ හිසට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ බව අනාවරණය වී ඇත.
සැකකරු ඉකුත් (31 දා) වෙනිදා බිබිල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු යොදා තිබිණි.
බිබිල මහෙස්ත්රාත් විසින් මෙම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරීක්ෂණය පැවැත් වූ අතර පශ්චාත් මරණ ඉකුත් ( 31 ) වැනිදා මොනරාගල දිස්ත්රික් මහ රෝහලේදී පවත්වන ලදී.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart