
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධ නඩුවට අදාළ ව හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ රියදුරුගේ බිරිඳ, කුඩා දරුවා සහ මව ගාල්ල, ඉමදූව ඔවුන්ගේ නිවසේ සිට රාත්‍රී 10.00 ට පමණ බලහත්කාරයෙන් කොළඹට ගෙනැවිත් අදාළ රියදුරුට වැරදි කටඋත්තරයක් ලබාදෙන ලෙස බලපෑම් කිරීම සම්බන්ධයෙන් පවරන ලද මූලික මානව අයිතිවාසිකම් නඩුවෙහි තීන්දුව අද (31) අධිකරණය විසින් ලබා දී තිබේ.
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති නෙවිල් සිල්වා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙත්තානන්ද යන අයට එරෙහිව, අනීතික අත්අඩංගුවට ගැනීම සහ එම රියදුරුවරයාගේ නිදහස නැති කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරු කොට ඔවුනගේ පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් රියදුරුට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබේ.
ඊට අමතරව රජයට රු. 10,000 ක් ගෙවන ලෙස විත්තිකරුවන් වෙත නියෝග කරන ලද අතර, පොලිස් කොමිසමට අධිකරණයෙන් නියෝග කළේ අදාළ විත්තිකාර නිලධාරීන් දෙදෙනා සම්බන්ධ විනය පරීක්ෂණයක් ද පවත්වන ලෙස ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart