
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලුණුගම්වෙහෙර පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී මීට 11 වසරකට පමණ පෙර රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් බවට පිළිගත් පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළේය.
එයට අමතරව අල්ලස ලබාගැනීම, අයැදීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකාර පොලිස් නිලධාරියාට රුපියල් දසදහසක දඩයක්ද නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.
එමෙන්ම අල්ලස් පනතේ 29 වැනි වගන්තිය යටතේ විත්තිකාර පොලිස් නිලධාරියා සතු ඡන්දය භාවිත කිරීම ඇතුළු සිවිල් අයිතිවාසිකම් අත්හිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට එම නඩුවේ තීන්දුව වහාම මැතිවරණ කොමසාරිස්වරයා වෙත යැවීමටද විනිසුරුවරයා නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂක ජනරාල් අනුරාධ සිරිවර්ධන පැමිණිල්ල මෙහෙය වූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart