
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පකිස්තානයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක පුද්ගලයන් පිරිසක් එරට මීට පෙර පැවැති පාකිස්තාන තලේබාන් බලකොටුවක පිහිටි බාලිකා පාසලකට භූමිතෙල් යොදා ගිනි තබා තිබේ.
ගින්නෙන් ගෘහ භාණ්ඩ, පරිගණක සහ පොත්පත් රැසක් විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.
මෙම මාසයේදී එවැනි ප්‍රහාර පිළිබඳ සිදුවීම් කිහිපයක්ම වාර්තා වූ බවත් එහි නවතම ප්‍රහාරය මෙය බවත් පොලිසිය බදාදා ප්‍රකාශ කළේය.
පකිස්තාන මාධ්‍ය වාර්තා අනුව එලෙස ගිනි තබා ඇත්තේ කයිබර් පක්තුන්ක්වා පළාතේ උතුරු වසිරිස්තානයේ පිහිටි බාලිකා පාසලක්.
ගින්නෙන් කිසිවකුට හානියක් සිදුවී නොමැති බව ප්‍රාදේශීය පොලිස් නිලධාරි රෙහ්මාත් උල්ලා පැවසීය.
කලාපයේ තවත් බාලිකා පාසල් දෙකකට මේ මස මුලදී බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රහාරවල වගකීම කිසිවකු භාරගෙන නැත.
එහෙත් පසුගියදා පාසලේ හිමිකරු සමඟ ආරවුලක් ඇතිකරගත් පුද්ගලයකුගේ සම්බන්ධයක් සැක කරන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවත් පොලිසිය පවසයි.
කාන්තාවන් අධ්‍යාපනය ලබා නොදිය යුතු බව පවසමින් වසර ගණනාවකට පෙර බාලිකා පාසල් ඉලක්ක කරගත් සටන්කාමීන් පිරිසක් පිළිබඳව බලධාරීන් මීට පෙර සැක කර තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart