
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතලේ පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේ පසුගිය 25 වැනිදා රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියක සතුව තිබියදී නැතිවූ ATM කාඩ්පත අහුලාගෙන එම කාඩ්පතෙන් ඉන්ධන පිරවුම් පොළකින් පෙට්‍රල් ලබාගත්තේ යැයි කියන පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පස්දෙනෙක් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (28) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනාගෙන් දෙදෙනකු ලග්ගල සහ කන්දෙනුවර පොලිසියේ බහුකාර්ය සහායකයන් ලෙස කටයුතු කරන්නන් බව පොලිසිය කියයි. අනෙක් අය කාර්මික නිලධාරියෙකි.
මාතලේ විහාර මාවතේ මෙම ATM කාඩ්පත වැටී තිබියදී අහුලාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
තමාගේ අස්ථානගතව තිබූ ATM කාඩ්පතින් භාණ්ඩ ලබාගෙන ඇති බවට මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන මෙම කොස්තාපල්වරිය මාතලේ මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට පැමිණිලි කර තිබු අතර අස්ථානගතව තිබූ ATM. කාඩ්පතින් භාණ්ඩ ලබාගත් බවට කෙටි පණිවිඩයක් කොස්තාපල්වරියගේ ජංගම දුරකථනයට ලැබී තිබුණේ යැයි පොලිසිය කියයි.
මාතලේ ඉන්ධන පිරවුම් පොළකින් පෙට්‍රල් ලබාගෙන රුපියල් 15,150 මුදලක් ද ලබාගෙන ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගැනුණු පස්දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මාතලේ මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබ සිටිති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart