
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මව්බිම ජනතා පක්ෂය ජාතිවාදීන් සමග එක්වී මැතිවරණ සන්ධානයක් ගොඩ නැගීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම පක්ෂයෙන් ඉවත් වූ බව හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කර තිබේ.
තම දේශපාලන දිවිය තුළ කිසි දිනෙක ජාතිවාදීන් හෝ අන්තවාදීන් සමඟ කිසිදු ගනුදෙනුවක් නොකළ බව ආචාර්ය අමුණුගම සඳහන් කර තිබේ.
ඡන්දය වෙනුවෙන් අවස්ථාවාදයට සහ ජනතාව නොමග යැවීමට තමන් කිසිවිටකත් අනුමැතිය නොදෙන බවත්, තරුණයන් ආකර්ෂණය කරගනිමින් ජනතාවාදී දේශපාලනයේ යෙදීම තම අපේක්ෂාව බවත් ඔහු පවසයි.
අන්තවාදයට සහ ජාතිවාදයට එරෙහිව තමා කවදත් පෙනී සිටි බවත් දේශප්‍රේමය සහ ජාතිවාදය ප්‍රතිවිරුද්ධ සංකල්ප දෙකක් බවත් එම දෙකට එකට සිටිය නොහැකි බවත් ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කර තිබේ.
මව්බිම ජනතා පක්ෂයේ දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් සමග සර්වජන බලය නමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවාගනු ලැබුවේ මීට දින කිහිපයකට පෙරය.
ඒ, ‘විවේචන වෙනුවට විසඳුම්ද පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක්’ යන අරමුණු මූලික කරගෙන බව ඔවුන් සඳහන් කර තිබිණි.
එම සන්ධානයේ සම්මුතිය සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්රජාතාන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. විරසීංහ, යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ඇතුළු පිරිසක් අත්සන් තබා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart