
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ 2024-2026 නිලවරණය කල් දමන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
යාපනයේ සහ කොළඹ ඡන්ද අයිතිය අවලංගු කිරීම සම්බන්ධ පැමිණිලි කිහිපයක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ මැතිවරණ කමිටුව යාපනය නියෝජිතයකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එම මැතිවරණය කල් දැමීමට ඇමැතිවරයා තීරණය කර ඇත.
මීට පෙර, විශ්‍රාමික අගවිනිසුරු විමල් නම්බුහේවා (සභාපති), C. රත්නමුදලි සහ පද්මජින සිරිවර්ධනගෙන් සමන්විත ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ මැතිවරණ කමිටුව යාපනය නෙට්බෝල් සංගමයේ S. සුරන්තනීගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කළ අතර යාපනය සහ කොළඹ ඡන්ද අයිතියද අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය කල් දැමීමට ක්‍රීඩා ඇමැතිවරයා තීරණය කිරීමත් සමඟ ලක්ෂ්මි වික්ටෝරියාගේ පාලනයද අදින් අවසන් විය.
මේ අතර ශ්‍රී ලංකා රග්බි, පාපැදි සහ මෝටර් රථ ක්‍රීඩා නිලවරණය ද ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිසි බලධාරියා වන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු යටතට පත් කර තිබේ.
ක්‍රීඩා සංගම් හතරේ නිලවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මහාචාර්ය ප්‍රනාන්දු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart